Sunday, May 25, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ඉතිහාසයේ දැවැන්තම රේගු වංචාවට බිමල්ට එරෙහිව නඩු පවරන්න යයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන පරිදි, වර්තමාන ආණ්ඩුව යටතේ මෙරට තුළ සිදුවූ දැවැන්තම හොරකම වන රේගු පරීක්ෂාවකින් තොරව බහළුම් 323 ක් නිදහස් කිරීමට අනුමැතිය දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි.

නිදහස් කරන ලද බහාලුම්වලට පසුව සිදුවූයේ කුමක්දැයි කිසිදු සඳහනක් නැති බවත්, ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ඉල්ලු පසු ලබාදී ඇත්තේ ඒවා ගෙන්වන ලද රටවල් පමණක් බවත් ඔහු චෝදනා කළේය. ඊට අදාළ කිසිදු රේගු සටහන්කරයක් ලබා දී නැති බවද ඔහු කියා සිටියි. පුද්ගලිකත්වය හෙළිදරව් වන්නේ යැයි පදනම් කරගෙන එම තොරතුරු ලබාදීමට රේගුව කටයුතු නොකරන ලද බවද ඔහු පැවසුවේය.

ඒ අනුව මීට අදාළ තොරතුරු අධිකරණය හමුවට ගොස් හෝ ලබාගැනීමට කටයුතු කරනවද හෙතෙම කියා සිටියේය. කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles