පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන සතියේ තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කර ඇත.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
මේ බව හෙතෙම ප්‍රකාශ කර ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ යන අයගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.
එම හමුවේදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ඉදිරි සතියේ සිට තමන්ට ද එම හිටපු අමාත්‍යවරුන් දෙදෙනා සමඟ එක් වීමට ඉඩ ඇති බවයි.