Sunday, May 25, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

රණවිරු සැමරුමට එන්න දෙගඩියාවෙන් සිටි ජනපති අවසන් මොහොතේ එන බව කියයි!

16 වැනි විජයග්‍රහණයේ රණවිරු සැමරුමට අද (18) උදෑසන වනවිටත් සහභාගි නොවන බවට වාර්තා වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සුළු වේලාවකට පෙර තමන්ගේ සහභාගිත්වය තහවුරු කර තිබේ.

බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසල පැවැත්වෙන සැමරුමට ජනාධිපතිවරයා වෙනුවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහභාගි වන බවට රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහෙන මහතා මාධ්‍යයට හෙළි කිරීමත් සමඟ සමාජ මාධ්‍ය සහ විශ්‍රාමික රණවිරුවන් ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරයා හෝ අගමැතිනිය රණවිරුවන් සැමරීම ප්‍රතික්ෂේප කරන්නේදැයි විමසා සිටියහ.

ජනාධිපතිවරයා නොපැමිණෙන විට අගමැතිනිය සහභාගි වීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද, නියෝජ්‍ය අමාත්‍යවරයකු යොමු කිරීම දක්වා ආණ්ඩුව කටයුතු කිරීම ඇතැමුන්ගේ විමතියට හේතු විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත අනුව ජනාධිපති, අගමැති, කථානායක, විපක්ෂ නායක, කැබිනට් ඇමතිවරු සහ අනෙකුත් ඉහළ නිලධාරීන් සහභාගි වන අවස්ථාවක, රණවිරුවන් සිහිපත් කිරීම නියෝජ්‍ය අමාත්‍ය මට්ටමට පහත හෙළා ඇතැයි ඇතැමුන් චෝදනා කළහ.

කෙසේ වෙතත්, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහෙන මහතා ජාතික රූපවාහිනියට ප්‍රකාශ කරමින් කියා සිටියේ, රණවිරු සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles