පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.
මෙම පෙත්සම අද (මැයි 14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් InfoSriLanka.lk වාර්තා කරන්නේ ජුනි මස 26 වන දාට පෙර තම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට රාමනාදන් අර්ච්චුනා මහතා සුදානම් වන බවයි.
පෙත්සමේ සඳහන් වන්නේ වෛද්‍ය රාමනාදන් අර්චූනා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත රාජ්‍ය නිලධාරියෙකු බවත්, එබැවින් රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔහුට රජය සමඟ ගිවිසුමක් ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙකු බවයි.