කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු ජාතික ජන බලවේගය විසින් මේ වන විට සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.
විපක්ෂයේ කණ්ඩායම් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සමගි ජන බලවේගයට සහාය දැක්වීමට අකමැති වීම හේතුවෙන් මෙම අවස්ථාව ජාතික ජන බලවේගයට හිමි වී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව, කොළඹ නගර සභාවේ නගරාධිපති ලෙස ව‍්‍රායි කැලි බලතසාර් මහත්මිය පත්වීමේ වැඩිම ඉඩකඩක් පවතී.
කෙසේ නමුත් මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබාදීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වෙමින් ඇති බව විපක්ෂ මන්ත්‍රීන් චෝදනා කරති.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ එස්.එම්. මරික්කාර් චෝදනා කරන්නේ, ඉතිරි දින කිහිපය ඇතුළත මෙම හඬපට ප්‍රසිද්ධ කරන බවය.
කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සඳහා රුපියල් කෝටි දෙකක් ලබාදීමට යෝජනා වී ඇති බවත්, ඈත ප්‍රදේශයන්හි ලක්ෂ දහයේ සිට ඉහළට ලන්සු නියම වෙමින් ඇති බවත් ඔවුන් කියා සිටිති.