හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “සති අග අරුණ” පුවත්පතට ප්‍රකාශ කර ඇති පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද විදුලි ගැලපුම් ගාස්තු සංශෝධනය මාර්තු 31 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතව තිබුණද, එය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වන වාරිකය ලෙස ඩොලර් මිලියන 344ක් අප්‍රේල් පළමු සති දෙක තුළ ලබා ගැනීමට තිබූ හැකියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය නිසා තවදුරටත් ප්‍රමාද විය හැකි බව ඔහු පවසයි.
විදුලි ගැලපුම් ගාස්තු මෙතෙක් ඉදිරිපත් නොකිරීම නිසා ඩොලර් මිලියන 344 ලබා ගැනීමට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබීමට කල් ගත වන බවද ඔහු සඳහන් කරයි. මෙම ගැටලු හේතුවෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමද අවදානමකට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ ජූනි මාසය වන විට විදුලි බිල සම්බන්ධ ගැටලු විසඳාගෙන ඉදිරියට යෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර ඇති බවයි.