Saturday, May 10, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ළඟදීම වැඩ වරදින හිටපු ඇමති ලැයිස්තුව මෙන්න!

අල්ලස්, දූෂණ සහ වෙනත් අපරාධමය චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරුන් හය දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බව වාර්තා වේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව, පසුගිය රජයන්හි ඇමැති ධුර දැරූ මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ අවසන් වී තිබේ.

අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මෙම පරීක්ෂණ සිදුකර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව සඳහන් වේ.

මෙම හිටපු ඇමැතිවරුන් කුරුණෑගල, මහනුවර, කළුතර, බදුල්ල, සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද ඇතුළත් බව දැනගන්නට තිබේ. මේ අතර ඇතැම් පුද්ගලයින් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව නීති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles