Thursday, May 8, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

සැත්කමක් මහින්දට; රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේදී කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජනය විය. මෙම සැත්කම ඔහුගේ කලක් තිස්සේ පැවති දණහිසේ ආබාධයක් හේතුවෙන් සිදු කරන ලද්දකි. මීට පෙර ද ඔහුගේ එක් දණහිසකට සැත්කමක් සිදු කර තිබූ අතර, මෙවර සැත්කම සිදු කර ඇත්තේ අනෙක් දණහිසට බව වාර්තා වේ.

මේ දිනවල ඒ මහතා සැත්කමෙන් පසු විවේකීව පසුවන අතර තවත් දින කිහිපයකින් පුරුදු පරිදි තම කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි පැවසේ.

මේ අතර, ඉදිරි දින දෙක ඇතුළත රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇති බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර නැව සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ඇතැයි සාකච්ඡාවන්හි කියැවේ. දැනටමත් අදාළ පරීක්ෂණ සඳහා කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. අදාළ පොහොර නෞකාව ශ්‍රී ලංකාවට ගෙන්වීම හරහා විශාල මුල්‍ය වංචාවක් සිදු වූ බවට එල්ල වූ චෝදනා මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles