Saturday, May 10, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

බුද්ධි අංශ වෙස්වලාගෙන සෙව්වන්දි-ප්‍රසන්න හොයන්න යයි!

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරීක්ෂා කර ඇතත්, මෙතෙක් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

මාවරමණ්ඩිය, කිරිබත්ගොඩ, කිරිල්ලවල, මීගමුව, ගම්පහ, කැලණිය, වත්තල ඇතුළු ප්‍රදේශ දහයක් මෙලෙස හදිසියේ වටලා සෝදිසි කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රසන්න රණවීර මහතා සොයා විවිධ වෙස් ගැන්වූ බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක්ද ප්‍රදේශ කිහිපයකට යොමු කර ඇති බව පොලිසිය පවසයි.

මේ අතර, පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සොයා ගැනීමටද දිවයින පුරා විවිධ ස්ථාන දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර ඇතත්, ඇය ගැන ද කිසිදු හෝඩුවාවක් නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ දිගටම කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය මාර්තු මස 7 වැනිදා සිට අතුරුදන්ව සිටින අතර, ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර, ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ගනේමුල්ල සංජීව පාතාල නායකයාට වෙඩි තැබීමේ සිද්ධිය වූ පසුගිය පෙබරවාරි 19 වැනි දා සිට අතුරුදන්ව සිටින අතර, ඇය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය මාස දෙකකට වැඩිය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජලා ද සිල්වා මහත්මිය හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට පසුගියදා නියෝගයක් නිකුත් කළාය. ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ කැලණිගේ නිවසට ඉකුත් මාර්තු 6 වැනිදා ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලා ගොස් සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles