back to top
Friday, October 24, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

බිමල්ගේ අමාත්‍යංශයේ ආයතන 6න්,  4කම සභාපතිවරුන් ඉල්ලා අස්වෙලා!

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඔහුගේ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන ලද ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් වෙත භාර දී ඇත.

වීරසිංහ මහතා සඳහන් කළේ වෙනත් තනතුරකට යාම සඳහා තමන් ඉල්ලා අස් වූ බවයි. ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හයෙන් හතරක සභාපතිවරුන් දැනටමත් ඉල්ලා අස්වී ඇති බව සැලකිය යුතු කරුණකි.

ඉල්ලා අස්වී ඇති සභාපතිවරුන් අතරට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාන, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුනි සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ යන මහත්වරුන් ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles