back to top
Friday, February 13, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

පූජනීය ස්ථානවලින් අය විය යුතු කෝටි 25ක් ආණ්ඩුව කපන්න යයි!

විදුලිබල මණ්ඩලය පූජනීය ස්ථානවලින් අය විය යුතු රුපියල් කෝටි 25 කට අධික හිඟ විදුලි ගාස්තු අයකර ගැනීමට නොහැකි තීරණයකට එළඹ ඇති බව ජාතික විගණන කාර්යාලයට දන්වා ඇත.

මෙම හිඟ මුදල් අතරින් රුපියල් කෝටි 7 කට අධික මුදලක් වසර 5 කට වඩා වැඩි කාලයක් තිස්සේ අය විය යුතුව තිබූ බවට ජාතික විගණන කාර්යාලය සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

2012 වසරේ සිට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් ගෙවිය යුතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් මණ්ඩලය කළ ඉල්ලීම්වලට අමාත්‍යාංශයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබීම ද මෙම තත්ත්වයට හේතුවක් වී ඇති බව පරීක්ෂණ වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles