back to top
Thursday, October 30, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

පළාත් පාලන අපේක්ෂිකාවන්ට එරෙහි සයිබර් ප්‍රචණ්ඩත්වය ගැන වැඩසටහනක්!

IFES සංවිධානය හා මැතිවරණ කාර්යාලය – කළුතර එක්ව, 2025 පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා ඉදිරිපත් වන කාන්තා අපේක්ෂිකාවන්ට එරෙහිව සිදුවන සයිබර් ප්‍රචණ්ඩත්වය (TECHNOLOGY-FACILITATED GENDER-BASED VIOLENCE -TFGBV) වැළැක්වීමේ අරමුණින් Bold “HER” වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන සියලුම පක්ෂවල කාන්තා අපේක්ෂිකාවන් සඳහා විවෘත විය. එයට කළුතර මහනගර සභාව, කළුතර ප්‍රාදේශීය සභාව, බේරුවල ප්‍රාදේශීය සභාව, බේරුවල නගර සභාව සහ දොඩංගොඩ ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවල අපේක්ෂිකාවන් සහභාගී වූහ.

සන්නිවේදන උපායමාර්ගික සහ සමාජ ක්‍රියාකාරී විමුක්ති දුෂාන්ත මහතා වැඩසටහනේ ප්‍රධාන සම්පත් දායකයා ලෙස කටයුතු කළ අතර, කළුතර මැතිවරණ කාර්යාලයේ සංවර්ධන නිලධාරී මහේෂ් දයානාත් මහතා ද ඊට සහභාගී විය.

මෙම වැඩසටහන ඊයේ දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles