Friday, May 9, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ට්‍රම්ප්ගේ බද්ද 44% නෙමෙයි, 54%ක්: IMF කොන්දේසි ඉටුකරන්න බැරි බව කියමින් ආණ්ඩුව පස්ස ගහයි!

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරට අපනයන ආදායම තවත් ඇමරිකානු ඩොලර් බිලියන තුනකින් ඉහළ නංවා ගන්නා ලෙස පනවා ඇති කොන්දේසිය ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ශ‍්‍රී ලංකා බලධාරීන් එම අරමුදලට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ ඇමරිකා – චීන වෙළෙඳ යුද්ධය හේතුවෙන් ඇඟලුම්, රබර්, පොල් ඇතුළු අපනයන භෝග ක්ෂේත්‍රයට බරපතළ බලපෑමක් එල්ල වීමේ අවදානමක් පැවතීමයි.

ඒ නිසා විකල්ප ක්‍රමවේදයක් සොයා ගන්නා තෙක් එම කොන්දේසිය සඳහා සහන කාලයක් ලබාදෙන ලෙසද ඉල්ලා ඇත.

එසේම මේ වනවිට දින 90 කට කල් දමා ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවන ලද අන්‍යෝන්‍ය බද්දේ සැබෑ අනුපාතය සියයට 44 ක් නොව, සියයට 54 ක් බව වාර්තා වෙයි.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ සියයට 10 ක මූලික බද්දට අමතරව නව බදු අනුපාතය ක්‍රියාත්මක වන බැවින් සමස්ත බදු අනුපාතය සියයට 54 ක් බවට පත්ව ඇත.

මෙම ඉහළ බදු අනුපාතය නිසා මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර රැසකට බලවත් පීඩාවක් සිදුවන බැවින් වැඩෙන ආර්ථිකයට සහනයක් ලෙස මෙම බදු අනුපාතය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කිරීමට විශේෂ දූත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බවද සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles