විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ලේ සඳහන් වන්නේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු විපක්ෂයේ ඉල්ලීම් නොතකා හරිමින් පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවයි.
එම අමාත්‍යවරයා විපක්ෂය කෙරෙහි අයුක්තිසහගත ලෙස කටයුතු කරන්නේ පන්තියේ “මොනිටර්” තනතුරේ සිටින බව සිතමින් බවද මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
දයාසිරි ජයසේකර, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ශානක්‍යන් රාසමාණික්කම් ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පසුගිය දිනක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික හමුවකදී බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.