මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
ජාතික ජන බලවේගය මැතිවරණ සමයේ මෙම පනත අහෝසි කරන බවට ප්‍රකාශ කළද ඔවුන් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්, එබැවින් තමන් විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බවත් රවි කරුණානායක පවසයි.
මෙම පනත අහෝසි කිරීම මගින් සමාජ මාධ්‍ය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යළි ඇති කරන අතර, එම ක්ෂේත්‍රයේ ආයෝජන නැවත ලබා ගැනීමට හැකි වනු ඇත. යුරෝපා සංගමයේ GSP+ සහනය ලබා ගැනීම සඳහා මෙම පනත අහෝසි කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා ආණ්ඩුවේ සහ විපක්ෂයේ සහය ලැබෙනු ඇතැයි රවී කරුණානායක විශ්වාසය පළ කරයි.
කෙසේ වෙතත්, රජය මෙම පනත අහෝසි කිරීම වෙනුවට සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර, සංශෝධන කෙටුම්පත දැනටමත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත්තේ ආණ්ඩුව බලයේ සිටියදී ගෙන ආ පනත අහෝසි කිරීමට දැන් කෙටුම්පත් ඉදිරිපත් කරන රවි කරුණානායකට ලැජ්ජා නැති බවත්, රවි කරුණානායක මෙය ඉදිරිපත් කරන තුරු පනත අහෝසි කිරීමට කටයුතු නොකළ ආණ්ඩුවට ද ලැජ්ජා නැති බවත්ය. ජවිපෙ නායකයා ජනාධිපති වන විට ජවිපෙ ආරම්භක නායකයාගේ ඝාතකයා ගැන කතා කිරීමට ප්‍රධාන සාක්ෂිකරුට තහනම් නියෝග දීමට මෙම පනත යොදා ගත් අවස්ථාවක මෙවැනි දේ සිදුවීම ලැජ්ජාවට කරුණක් බව ඔහු පවසයි.
