Saturday, April 19, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

නීති පසකට දමා ජනපතිගෙන් රස්සා ගැන තැන තැන විවිධ පොරොන්දු!

මන්නාරමේ පැවති මැතිවරණ රැළියකදී ජනාධිපති අනුර කුමාර විසින් රැකියා 30,000ක් ලබා දීම ඇතුළු තවත් බොහෝ පොරොන්දු ලබා දී ඇති අතර මෙය පැහැදිලි ලෙසම මැතිවරණ නීති උල්ලංගනය කිරීමකි.

මෙසේ පොරොන්දු ලබා දීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ 82සී (අනිසි බලපෑම්) සහ 82 ඩී (උපරිම වාසි පොරොන්දු කිරීම්/දීමනා) වගන්තිවල පැහැදිලි නීති උල්ලංඝණයක් ද වේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35-1 වගන්තිය අවභාවිතා කරමිනි.

“යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහිලා හෝ නිල තත්ත්වයෙහිලා කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවැරීම හෝ පවත්වාගෙන යෑම නොකළ යුත්තේය” යනුවෙන් එහි සඳහන් වේ.

එයට අමතරව ජූනි මාසයේ සිට පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම, උතුරු පළාතේ මාර්ග ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්ෂ පන්දාහක් වෙන් කිරීම සහ උතුරු පොල් වගාව සඳහා විශාල මුදලක් වෙන් කිරීම යනාදිය ඔහු අද (17) ලබා දුන් පොරොන්දු අතර විය.

මෙම පොරොන්දු ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති පියවර පිළිබඳව ඔහු විස්තර කර නොමැති අතර මෙය ඡන්ද ලබා ගැනීම සඳහා ගෙන ඇති උපක්‍රමයක් බවට විචාරකයින් සැක පළ කර ඇත. උදාහරණ ලෙස රැකියා 30,000ක් ලබා දීමේ පොරොන්දුව ඔහු පාර්ලිමේන්තුවේදී මීට පෙර කල ප්‍රකාශයකට පටහැනි වේ.

ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමට දෙමළ ජනතාව දිරි ගන්වා ඇති අතර එය පසුගිය මහ මැතිවරණයේ දී ඔහු කල ඉල්ලීමට සමාන ය. එහෙත් ඉඩම් ප්‍රශ්න වැනි දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න විසඳීමට ඔහු කිසිදු පොරොන්දුවක් ලබා දී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles