2025 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවනියට වැඩිම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වේ.
2025 පළමු කාර්තුව තුළ ලැබුණු සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,814.4 ක් වූ අතර එය 2024 පළමු කාර්තුවට වඩා 18.1% ක වැඩිවීමකි.
විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙතෙක් ලැබුණු විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වූයේ 2020 දෙසැම්බර් මාසයේ දී ය. එම ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 812.7 කි. එම වසරේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් ඉතාලිය, කොරියාව වැනි රටවල සිය රැකියා අහිමි කර ගෙන සිය රට බලා පිටත්ව යාම හේතුවෙන් මෙම වාර්තාගත ප්‍රේෂණ ප්‍රමාණය ලැබී ඇත. ඔවුන් මෙරටට පැමිණීමට පෙර සිය අවසන් ප්‍රතිලාභ ලබා ගැනීම ඊට හේතුවයි.
2021 ජනවාරි මාසයේ දී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 675.3 ක් වූ අතර 2024 වසරේ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6,575.4 කි.
