Monday, April 14, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

පිල්ලෙයාන් හරහා නිරුවත් වන මාලිමාවේ මර්ධන ආශාව!

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හරහා, එම පනත සමාජය තුළ වඩාත් පිළිගත හැකි එකක් බවට පත් කිරීමේ උත්සාහයක් ඇති බවට බොහෝ දෙනා සැක පළ කරති.

මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වූ පිල්ලෙයාන් අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය පවසන්නේ ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගෙන ඇති බවයි.

2004 සිට 2006 දක්වා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය රවිද්‍රනාත් අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2006 වසරේ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මහාචාර්යවරයා පැහැරගෙන ඇති බවට අනාවරණය විය.

එම සිදුවීමෙන් වසර 19 කට පමණ පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධව ද විමර්ශනය කරන බව මහජන ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පිල්ලෙයාන් වැනි රජයේ අනුග්‍රහය ඇතිව අපරාධ කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි විශේෂ පනත් අවශ්‍ය නොවන බව පැහැදිලි කරුණක් බව නීති විශාරදයන්ගේ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles