ඇමරිකාව විසින් පනවන ලද බදු සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර සමගි ජන බලවේගය අනාවරණය කල අවස්ථාවේ රජය එය උපහාසයට ලක් කලා මිස කිසිදු පියවරක් ගත්තේ නැත යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දැදිගම ආසනයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කර ඇත.
මේ සම්බන්ධයෙන් මාස කිහිපයකට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අයවැය විවාදය අවසන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ද අදහස් දක්වා තිබුණි.
ධුරයේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකානු ජනාධිපතිගේ තීරු බදු යුද්ධයට මුහුණ දීම සඳහා ආනයන සඳහා පනවන සෙස් බද්ද (Comodity Export Subsidy Scheme – CESS) හා පැල් බද්ද (port and airport levy – PAL) ආදිය ඉවත් කිරීමට අදාලව අය-වැය යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියේය. එසේම එම බදු අවුරුදු 5ක් තුළ ඉවත් කරන බව 2023 අය-වැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහු පවසා තිබුණි.
ඇමරිකාව හා අනෙකුත් රටවලින් සිදුකරන ආනයන සඳහා වන බදු අඩු කිරීම හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඔස්සේ ඇමරිකාවට එය පෙන්වා දී ඇමරිකාව ලංකාවට තීරු බදු පැනවීමේදී සහනයක් ලබා ගැනීම ඔහුගේ සැලසුම විය.
ට්‍රම්ප්ගේ සූත්‍රය අනුව වෙළඳපොල මත තීරු බදු පැනවීම සිදුකර ඇති අතර හදිසියේම ඇමරිකානු මිලදී ගැනීම් සඳහා බදු අඩු කිරීම අය-වැයෙන් සම්මත කලද එය කොතෙක් දුරට ට්‍රම්ප් හට ඒත්තු ගැන්විය හැකිද යන්න පැහැදිලි නැත.