Tuesday, April 8, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ලංකාවේ පළමු මාධ්‍ය සැණකෙළියට සියල්ල සුදානම්!

2025 අප්‍රේල් 25 සහ 26 යන දිනවල කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා-ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) විසින් “Sri Lanka Media Fest – 2025” නමින් මාධ්‍ය සැණකෙළියක් පැවැත්වීමට නියමිතය. මෙම සැණකෙළිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයට සහ ඉදිරි ගමනට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සැණකෙළිය මාධ්‍යවේදීන්, කර්තෘවරුන්, අන්තර්ගත නිර්මාණකරුවන්, ප්‍රකාශකයින්, ප්‍රවෘත්ති දැවැන්තයින් සහ මාධ්‍ය හදාරන සිසුන් ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් එක් කරනු ඇත. ඔවුන් එක්ව නව්‍ය අදහස් හුවමාරු කර ගනිමින් ඵලදායී සංවාදයක නිරත වීමට මෙය අවස්ථාවක් වනු ඇත.

“Navigating the New Media Landscape, Together” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැණකෙළියේ අරමුණ වන්නේ වර්තමාන මාධ්‍ය ප්‍රවණතා සහ නවෝත්පාදන ගවේෂණය කිරීමයි. කෘතීම බුද්ධිය (AI), ජංගම දුරකථන මාධ්‍යවේදය, මාධ්‍ය තුළින් මුදල් ඉපයීම, දත්ත මාධ්‍යවේදය, දුස් තොරතුරු සහ කරුණු පරීක්ෂා කිරීම, අන්තර්ගත නිර්මාණය, පොඩ්කාස්ට් සහ ශ්‍රව්‍ය මාධ්‍යවේදය වැනි ක්ෂේත්‍ර කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.

මෙම සැණකෙළිය සැසි සාකච්ඡා, වැඩමුළු, අන්තර්ක්‍රියාකාරී සැසි සහ ජාලකරණ අවස්ථාවන්ගෙන් සමන්විත වේ. මෙමගින් වෘත්තීය සංවර්ධනය සඳහා වේදිකාවක් සැපයෙන අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මාධ්‍ය වෘත්තිකයන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

2024 මැයි මාසයේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා-ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA) මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය සබඳතා ශක්තිමත් කිරීමයි. ආරම්භයේ සිටම සංගමය විසින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආශ්‍රිත මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමින් සැසි සාකච්ඡා සහ වටමේස සාකච්ඡා ඇතුළු විවිධ මුලපිරීම් සිදු කර ඇත.

මෙම සුවිශේෂී සැණකෙළිය සඳහා සියලුම මාධ්‍ය වෘත්තිකයින්, මාධ්‍ය හදාරන සිසුන් සහ මාධ්‍ය පාර්ශවකරුවන්ට සහභාගී වීමට ශ්‍රී ලංකා-ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය ආරාධනා කරන අතර සැණකෙළිය සඳහා ලියාපදිංචිය දැන් විවෘතව පවතී. සැණකෙළි කාලසටහන, ලියාපදිංචිය සහ නවතම තොරතුරු පිළිබඳ වැඩි විස්තර සඳහා mediafest.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles