back to top
Home Business සෝලා ඒකාධිකාරය මහ සමාගම්වලට, වහල මත සෝලා කැපෙයි!

සෝලා ඒකාධිකාරය මහ සමාගම්වලට, වහල මත සෝලා කැපෙයි!

0
සෝලා ඒකාධිකාරය මහ සමාගම්වලට, වහල මත සෝලා කැපෙයි!

විදුලි බල මණ්ඩලය සාමාන්‍ය ජනතාවට සිය වහලය මත සවි කරන ලද සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට විදුලිය සැපයීම අවම කිරීමටත්, මහා පරිමාණ සමාගම්වලින් සූර්ය බලශක්තිය මිලදී ගැනීමටත් කටයුතු කරමින් සිටින බවට විදුලිබල විශේෂඥයින් සැක පළ කර ඇත. 2025/DCC/COM05 දරන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසියෙන් පමණක් නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් මෙම සැකය තහවුරු වන බව ඔවුහු පවසති.

රජය සතු ජල විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීම වෙනුවට පෞද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් වැඩි කැමැත්තක් දක්වන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය.

පසුගිය කාලයේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් නෙට් මීටරින් ක්‍රමය යටතේ සිය වහලය මත කිලෝවොට් 40ක් දක්වා සූර්ය පැනල සවිකර තම අතිරික්ත විදුලිය විදුලිබල මණ්ඩලයට විකිණීමේ හැකියාව සාමාන්‍ය ජනතාවට ලබා දී තිබුණි.

මේ වන විට එවැනි සූර්ය පැනල සවි කර ඇති නිවාස ලක්ෂයක් පමණ ඇති බව කියැවේ. 2024 අවසන් වන විට එම නිවාස මගින් ජාතික පද්ධතියට මෙගාවොට් 600ක් පමණ එකතු කර තිබුණි.

2030 වන විට ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවීමේ සැලැස්මට අනුව, මෙම සූර්ය බල ශක්ති උත්පාදනය සාමාන්‍ය ජනතාවගෙන් ඉවත් කර මහා පරිමාණ සමාගම් වෙත පැවරීමේ උත්සාහයක් බව විශේෂඥයෝ පවසති.

මෙහි තවත් පියවරක් ලෙස පසුගිය මාර්තු මස මුල් සතියේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් සියඹලන්ඩුව ප්‍රදේශයේ වගා කරන ඉඩමක් මුඩු බිමක් ලෙස නම් කර සිංගප්පූරු සමාගමකට පැවරීමට අනුමත කර ඇත. එමෙන්ම අප්‍රේල් 5 වැනිදා ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සාම්පූර්හි මෙගාවොට් 50ක විදුලි බලාගාරයක් සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට ද සූදානමක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here