back to top
Friday, October 24, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

ගිවිසුම් වානා, අපේ ගානට ඕනා – මෝදි එන කටේ ජනාධිපති අදානිගෙන් ගේම ඉල්ලයි!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාතර දෙවියන්දර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් මන්නාරමේ අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ඔහු පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විසින් සුළං විදුලි ඒකකයක් රුපියල් 25 කට ශ්‍රී ලංකා රජයට අලෙවි කිරීමට අදාල ගිවිසුම ගසා ඇති බවත්, එම ගිවිසුම අනුව කටයුතු කරන ලෙසද පවසා ඇති බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා විසින් මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය නතර කිරීම අපරාධයක් ලෙස පවසා තිබුණද, එවැනි මිල ගණන් යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කිරීම ඊටත් වඩා අපරාධයක් බව ජනාධිපති දිසානායක මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, මොන ගිවිසුම ගහලා තිබුණත් තම රජය කියන ගානට එනතුරු සුලං විදුලි බලාගාරයේ ඉදි නොකරන බවයි.

මෙම අදහස් පළ කරනු ලැබ ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 04 වන දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත පසුබිමක වීම විශේෂත්වයකි.

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉන්දීය අදානි සමාගම ඉවත් වී ඇත්තේ නව රජය විසින් මුල් ගිවිසුම්ගත මිල ගණන් වලට එකඟ නොවීම හේතුවෙනි.

අනතුරුව ඔවුන් දැනුම් දී ඇත්තේ කිසිසේත්ම මුල් ගිවිසුමෙන් ඉවත් වී කටයුතු කිරීමට සමාගම සූදානම් නැති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වන්නේ මෙවන් පසුබිමකදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles