පැෂන් හවුස් ගොඩනැගිල්ලේ තුන්වන මහලේ සිට පහළ මාලය දක්වා අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ සිරුරු ඇදගෙන යන විට ඔවුන් ජීවතුන් අතර සිටිය බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා ගම්පහ මහාධිකරණය හමුවේ සාක්ෂි දී තිබේ.
මෙම මරණ සිදුවූයේ 2022 මැයි 9 වන දින ගෝල්ෆේස් හිදී ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩත්වය හමුවේ නිට්ටඹුව ප්‍රදේශයේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ සහ පොලිස් සැරයන් ජයන්ත ගුණසේකර යන අය ඝාතනයට ලක්වීම හේතුවෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් පවරන ලද නඩුවේදී, අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සාක්ෂිය මගින් පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කර ඇත.
මෙම නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය ලබන අප්‍රේල් 25 වන දින ආරම්භ කිරීමට නියමිතය. 2023 ජූනි 19 වන දින ආරම්භ වූ මෙම නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් ඇතුළු 78 දෙනෙකුගේ සාක්ෂි මෙහෙයවා ඇති අතර, ඊට අමතරව ඡායාරූප, ලේඛන, සැලසුම් සහ වෙනත් වාර්තා රැසක් ඉදිරිපත් කර තිබේ.