අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා වැසිකිළි හා කැසිකිළි පහසුකම් ඉදිකිරීමට ආධාර එකතු කරන බවට සමාජ ජාල ඔස්සේ දැන්වීමක් පළ වී තිබුණි.
මෙම දැන්වීමට අනුව, මෙම ආධාර එකතු කිරීමේ ව්‍යාපාරය සඳහා ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන රංගන ශිල්පියෙකු සම්බන්ධ වී ඇති අතර, ඔහුගේ නමට සමාන බැංකු ගිණුම් විස්තර ආධාර එකතු කිරීමේ දැන්වීමේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී දළදා මාලිගාව මෙම ආධාර එකතු කිරීමේ ක්‍රියාව ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ සඳහන් වන්නේ දළදා ප්‍රදර්ශනය සඳහා කිසිදු ආකාරයක මුදල් ආධාර එකතු කිරීමේ කටයුත්තක් කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට පවරා නොමැති බවයි.
ශ්‍රී දළදා මාලිගාව සහ රජය විසින් දළදා වන්දනාව සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සපයන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.