back to top
Friday, October 31, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

ඊබ්‍රාහීම්ගේ සේවිකාවක් වූ පාස්කු ප්‍රහාරයේ නඩුවේ සාක්ෂිකාරිය රටින් පිටවෙලා!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වසන් කිරීමේ චෝදනාවට ලක්ව සිටින කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් සහ තවත් දෙදෙනෙකුට එරෙහි නඩුවේ විභාගය ජූලි 2 වනදා දක්වා කල් තබන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

නඩුවේ සාක්ෂිකාරියක් වන ඊබ්‍රාහීම්ගේ නිවසේ සේවය කළ කාන්තාවක් විදේශගත වී ඇති බවත්, තවත් සාක්ෂිකාරියක් විදේශගත වීමේ අවදානමක් ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, අදාළ සාක්ෂිකාරියට නැවත සිතාසි නිකුත් කරන ලෙසත්, ඇය විදේශගත වීම සම්බන්ධ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මොහොමඩ් ඊබ්‍රාහීම් 2015 මහා මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් නම් කිරීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් විය.

කෙසේ වෙතත්, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, මොහොමඩ් ඊබ්‍රාහීම් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති කියන දේශපාලන ගනුදෙනුව පාස්කු ප්‍රහාරයට හේතු වූ බවට කිසිදු පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles